ගරු සමන්ත තුෂාර පියතුමා
මුර්ති කලාව තුළින් මිනිසුන්ගේ අධ්‍යාත්මය බල ගැන්වීමේ මහඟු වෑයමක.
සමන්ත තුෂාර බෝදියබඩුගේ පියතුමා මැයි 18 සහ 19 දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ් කලා මැදුරේදී මුර්ති නිර්මාණ ඔස්සේ ජන සිත් නිවාලන නළ ආශ්වාදජනක ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.
මෙම ප්‍රදර්ශනයෙන්, ලෝකයට ගැඹුරු බලපෑම් ඇති කළ එසේම ලෝකය ආලෝකමත් කළ පුද්ගලයන්ගේ චරිත පියතුමා අප වෙත ඉදිරිපත් කළ අතර ජේසුතුමා, මරියතුමිය, මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන් සහ කාර්ල් මාක්ස් වැනි චරිතයන් ඒ අතර විය.
පියතුමාගේ චමත්කාර ජනක කලා දැක්ම ඔස්සේ මෙම ප්‍රකට චරිත මුර්තීන් ලෙස ජීවමානව දෘශ්‍යගත කරන්නට ඔහුට හැකිවිය.
මෙම ප්‍රදර්ශනයේදී බෞද්ධයන්, ක්‍රිස්තියානින්, ඉස්ලාම් භක්තිකයන් සහ හින්දුන් ඇතුළුව විවිධ ආගමික පසුබිම් වලින් පැමිණ සිටි ප්‍රේක්ෂකයින් දෘශ්‍යමානව පමණක් නොව අධ්‍යාත්මිකවද පිනවන්නට පියතුමා සමත් වී ඇති බව කිව යුතුය.
ඔහුගේ ගැඹුරු කලා කෞශල්‍ය සහ ගැඹුරු අරමුණ ඔහුට පොළොවෙන් ලබාගත් මැටි ජීවමාන චරිත බවට පත් කරවීමට හැකිවී ඇත.
මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වූයේ ඔහුගේ ගුරුහරුකම් සහ උපදේශක භූමිකාවද අපට දැනගත හැකිවීමයි.
මේ වන විට උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ මූර්ති විෂය හදාරන තරුණ සිසු සිසුවියන් කීප දෙනෙකුගේ නිර්මාණද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබීම සැබවින්ම සතුටට කරුණකි.
පිවිසුම් ශාලාව හරහා ගමන් කළ විට, කලාකෘති මගින් දැක්වූ බලවත් පණිවිඩ ආශ්චර්යමත් වූ බව කිව යුතුය . පියතුමාගේ නිර්මාණ සමුදාය ජනතාවට දැක ගැනීමට සැලැස්වීම හුදු සරල ප්‍රදර්ශනයයක් පමණක් නොවේ. එය කලාව තුළින් මිනිසුන්ගේ අධ්‍යාත්මය බල ගැන්වීමේ මහඟු වෑයමක් ලෙස ආරංචි රාළ දකියි.
ගරු සමන්ත තුෂාර පියතුමාට ආරංචි රාළ සුබ පතයි. තවත් චිරාත් කාලයක් මෙවැනි නිර්මාණ වල යෙදීමට ශක්තිය සහ ධෛර්යය පතන අතර ගුරුවරයෙකු සහ උපදේශකයෙකු ලෙස දහස් ගණනක් නිර්මාණකරුවන් බිහි කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරයි.
ආරංචි රාළ : 2025.05.20 - 105 දිගහැරුම
(කුවින්ටස් කොළඹගේ විසින් ජාතික පුවත්පතකට ලියු ලිපියකින් තොරතුරු ලබා ගෙන ඇත.)
Comments
Post a Comment