මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ අග්‍රගන්‍යය නිළියගේ මරණය, රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍යය ගෞරවය සහ නන්නත්තාර වූ විපක්ෂයේ දේශපාලනය
ආරංචි රාළ මාලනී ෆොන්සේකා නම් වූ ඒ අග්‍රගණ්‍ය නිළිය මියගිය පුවත සැලවූ මොහොතේදීම ඇය වෙනුවෙන් විශේෂ උපහාර ආරංචි රාළ දිගහැරුම ක් ප්‍රකාශ යට පත් කළේය.
ඒ සඳහා ආරංචි රාළ පෙළඹවනු ලැබූ ප්‍රධානතම හේතුවක් වූයේ මෙම මරණය පිළිබඳව වාර්තා වූ අවස්ථාවේදී පටන් ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කළ ආකාරයයි. ජාතික රූපවාහිනිය ඇයගේ ජීවිතය සහ අවමගුල් උත්සවය පිළිබඳව සජීවී විකාශන ලබාදුන් අතර විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සජීවි ලෙස ජාතික රූපවාහිනිය ඇගේ මරණය පිළිබඳව රජයේ ශෝකය ප්‍රකාශ කළ අතර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් දීම් කළේය.
ආණ්ඩුව පැත්තෙන් ඇයගේ අවමගුල් උත්සවය වෙනුවෙන් සහ ඇයට උපරිම ගෞරවය දැක්වීමට කටයුතු කළ ආකාරය පිළිබඳව කිසිවෙකුට වචනයක් හෝ කිව නොහැකිය. රාජ්‍ය නායකයා ඇතුළු ව, අග්‍රාමාත්‍යවරිය මෙන්ම රජයේ ඇමතිවරු බොහෝ දෙනෙක් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද ඇයට ගෞරව දැක්වීමට පැමිණ සිටිහ. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සේවය විසින් අදහා ගත නොහැකි තරම් වූ ගුවන් කාලයක් ඇය වෙනුවෙන් වැය කළේය. එය එසේම සිදු විය යුතුය.
ජනාධිපතිවරයා තම පෞද්ගලික x ගිණුමේ පමණක් නොව ඇයගේ මරණය වෙනුවෙන් විශේෂ ශෝක ප්‍රකාශයක් ද නිකුත් කළේය. ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදන කළ අතර ඉතාමත් ගාම්භීර ලෙස අවමගුල් කටයුතු සිදුවූ අතර රජය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය අවමගුල් උත්සවයේදී ජනාධිපතිවරයාගේ ශෝක ප්‍රකාශය කියවන ලදී.
මේ සියල්ල එසේ සිදුවන විට කොහෙන් හෝ වරදක් අල්ලා ගන්නට සිටින නයි පොළොං අරින සහ කුඩු විකුණන නාලිකා කීපයක් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගනු ලැබූ මන්ත්‍රීවරුන් පිළිබඳව ලේඛනය තුළ මාලනී පොන්සේකාගේ නම ඇතුළත් වී තිබීම පිළිබඳව ඇය දැඩි දේ සෝකයට පත්ව සිටි බව කියමින් නාහෙන් හඩන්නට විය.
ජාතික ජන බලවේගය ඇයට හිතාමතාම අපහාස කළ බව ජනතාවට ඇඟවීමට ඔවූහු නොමේරූ ළදරු උත්සාහයක් දැරුහ.
එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ රූපවාහිනියේ සභාපති ලෙස කටයුතු කළ අවමගුල් උත්සවයට නාමල් රාජපක්ෂගේ සාටකයේ එල්ලී පැමිණ සිටි සුදත් රෝහණ නම් වූ ඊනියා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකි. ඔහුගේ පැටිකිරිය ගැන මේ මොහොතේ ආරංචි රාළ කිසිවක් කියන්නේ නැත.
ඒත් ජනතාව තේරුම් ගත යුතුය සත්‍යය නම් මොනතරම් වටිනා ජීවිතයක් ගත කරමින් මාතෘ භූමියේ වස්තුවක් ව සිටියත් මජර දේශපාලන නරා වලකට කෙනෙක් වැටෙන්නේ නම් ඇයට හෝ ඔහුට ඒ සදහා වන්දි ගෙවීමට සිදුවනු ඇත. ඇය කලාකාරියක් ලෙස කිසියම් වරප්‍රසාදයක් හෝ විශේෂ සැලකිල්ලක් ලබන්නේ නම් එය කිසිදු තර්කයකින් තොරව පිළිගැනීමට මෙරට ජනතාව සූදානම්ව ඇත.
ඕනෑම කලාකරුවෙකුට හෝ කලාකාරියකට දේශපාලන මතවාදයක් දැරීමට හෝ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට ඇති අයිතිය ආරංචි රාළ ඉතා ඉහලින් පිළිගනියි. දේශපාලන බලය නිසා කවුරුන් හෝ විශේෂ වරප්‍රසාදයක් ලබා ගන්නේ නම් ඒ ගැන ජනතාව ඉදිරියේ වග උත්තර බැඳීමට ඔවුන්ද සූදානම් ව සිටිය යුතුය.
ආරංචි රාළ; 2025.05.29 ; 108 දිගහැරුම
Comments
Post a Comment