ගැහැණු ළමයිනේ කොහෙද බලා ඉන්නේ, ඉගිලී යන්නද සිතා බලන්නේ."
ගැහැණු ළමයින්ට හැමෝම තවමත් ආදරෙයි
මේ මස 17 වෙනිදා ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී "ගැහැණු ළමයි" චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් සිදුවෙනවා. ආරංචි රාළ ආදරයෙන් නැරඹු මේ චිත්‍රපටය ගැන පොඩි මතක් කිරීමක් කරන්න ආරංචි රාළට හිතුනා.
"ගැහැණු ළමයිනේ කොහෙද බලා ඉන්නේ...ඉගිලී යන්නද සිතා බලන්නේ...." ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන මෙම ගීතය, සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් ගේ ගැහැණු ළමයි නවකතාව පාදක කොටගෙන ආචාර්ය සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද " ගැහැණු ළමයි" චිත්‍රපටයේ තේමා ගීත යි. චිත්‍රපටයේ අවස්ථා කීපයකදීම මෙම ගීතය විටින් විට පසුබිමින් ඇසෙනවා. නීලා වික්‍රමසිංහ විසින් ගායනා කළ "වියෝ ගී ගයනා හදේ ආදර මල් පවනේ" ද අතිශයින්ම ජනප්‍රියට පත් වූ එම චිත්‍රපටයේ එන තවත් ගීතයකි.
මේ සටහන එම ගීත ගැන කහා කරන්න නොවේ. මේ මස 17 වෙනිදා ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී "ගැහැණු ළමයි" චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් සිදුවෙනවා. ආරංචි රාළ ආදරයෙන් නැරඹු මේ චිත්‍රපටය ගැන පොඩි මතක් කිරීමක් කරන්න ආරංචි රාළට හිතුනා.
ගැහැණු ළමයි මුල් වරට තිරගත වන විට ආරංචි රාළ හිටියේ නව යොවුන් වියේය. මේ චිත්‍රපටය නැරඹීමට ඒ කාලයේ ආරංචි රාළට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් පසු කාලයේ මෙම චිත්‍රපටය රූපවාහිනිය ඔස්සේ අවස්ථා කීපයකදීම නරඹා ඇත. රූපවාහිනී පුංචි තිරය මත මැවෙන කුඩා දර්ශන තුළින් මෙවන් චිත්‍රපටයක් රස විඳින්න අමාරුයි. කෙසේ වෙතත් ආචාර්ය සුමිත්‍රා පීරිස් ඇයගේ බොහෝ චිත්‍රපට සඳහා මධ්‍ය සහ සමීප රූප වැඩි වශයෙන් භාවිතා කරන නිසාත්, සංස්කරණ ශිල්පිනියක් ලෙස ඇය ඉතාමත් විශිෂ්ට ගණයේ හපන්කම් නිසාත් කුඩා රූපවාහිනී තිරයක් තුළින් වුවද මෙම චිත්‍රපටය වැළඳ ගැනීමට ආරංචි රාළට හැකි විය.
ගැහැණු ළමයි නව කතාවක් ලෙස එළිදක්වන්නේ 1966 දීය. ආරංචි රාළලා එතකොට පෙර පාසැල් යන්නේ වත් නැත. සුමිත්‍රා පීරිස් නවකතාව චිත්‍රපටයක් ලෙස එළිදක්වන්නේ 1978දිය.
වාසනාවකට ආරංචි රාළ ගැහැණු ළමයි නවකතාව කියවන්නේ චිත්‍රපටය නැරඹීමට පෙරය. එනිසා ආරංචි රාළ නව කතාවෙන් චිත්තරූපණය කරගෙන තිබූ බොහෝ චරිත, විශේෂයෙන් කුසුම්ගේ චරිතය චිත්‍රපටයේ දකින කුසුම්ගේ චරිතයට සමාන විය. අනිත් චරිත පිළිබඳව එතරම්ම දෙයක් කියන්නට මේ අවස්ථාව නොවුනත් නවකතාව තුළින් කරුණාසේන ජයලත් සූරීන් ඉදිරිපත් කෙරූ කුසුම්ට චිත්‍රපටය ඔස්සේද සුමිත්‍රා පීරිස් ලොකු සාධාරණත්වයක් ඉටු කර තිබුණි.
දිසාපති තනතුර ලබාගෙන ගමට එන කුසුම් ආදරය කළ නැන්දගෙ පුතා, නිමල් පෙළපාලිය ඔස්සේ එන විට කුසුම් ඈත සිට බලන් ඉන්න දර්ශනය කරුණාසේන ජයලත් තමාගේ අති විශිෂ්ට නවකතාකරණය තුළ මනාව විස්තර කර තිබුණත්, සුමිත්‍රා පීරිස්ට එම දර්ශන පෙළ චිත්‍රපටය ඔස්සේ එතරම් සාර්ථක ලෙස පෙන්වන්නට හැකි විය.
කෙසේ වෙතත් ගැහැණු ළමයි සිංහල සිනමාවේ නිර්මාණය වූ සදාකාලයටම රස විදිය හැකි චිත්‍රපටයකි. එයට ප්‍රධාන හේතුව වන්නේ, ගැහැණු ළමයි චිත්‍රපටයේ කතා තේමාවයි.
කරුණාසේන ජයලත් ගැහැණු ළමයි නවකතාවට පාදක කරගන්නා 60 - 70 දශකය කාලසීමාවේ අපේ රටේ යෞවනියන්ගේ සිතුවිලි සහ චර්යාවන් පිළිබඳව මෙන්ම අපේක්ෂාවන් පිළිබඳව චිත්‍රපටයේ ප්‍රධාන චරිත ඔස්සේ වූ කතා කිරීම එයට එක හේතුවක් විය හැක.
වසර 45 කට පසුව නැවත වරක් විදේශීය චිත්‍රපට උළෙලෙකදී මෙය ප්‍රදර්ශනය කිරීම ගැන ආරංචි රාළට ඇත්තේ අසීමිත සතුටකි, මක්නිසාදයත්,
ආරංචි රාළ ගැහැණු ළමයින් ට හැමදාම ආදරේය.
ආරංචි රාළ : 2025.05.15. 102 දිග හැරුම
Comments
Post a Comment