මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිමා පැනවිය යුතු නැත. එහෙත් කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ සිතෙහි මැවෙන අදහසක් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත.

සදාචාරාත්මක  මාධ්‍ය සංස්කෘතියක් සදහා නියාමනයක් තිබිය යුතුය. 

රටක පැවැත්ම සහ සංවර්ධන රදා පවතින්නෙ එරට තුළ සෑම ක්ෂේත්‍රයකම  විනයානුකූල බවක් පවතින විටය. නීති, නිර්ණායකයන් සහ මාර්ගෝපදේශ  පනවන්නේ ජනතාව සීමිත  රාමුවක් තුළ කොටුකර තැබීමට නොව සැමට සහජීවනයෙන් යුතුව  ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමටය.

 

මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිමා පැනවිය යුතු නැත. එහෙත් කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ සිතෙහි මැවෙන ඕනෑම  අදහසක් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. සැබෑ මාධ්‍යවේදියා තෙවන ඇසක් ඇති නිර්මාණශීලි පුද්ගලයකු මිස තමන්ගේ ස්වාමියාගේ අවශ්‍යතාවයට ඕනෑම දෙයක් ලියන හෝ ප්‍රකාශ කරන්නෙකු නොවිය යුතුය.

වාර්තාකරණය තුල මේවා සීමාවන් හෝ තහංචි ලෙස නොව මාර්ගෝපදේශ සැලකිල්ලට ගත යුතුය. 

තමන් දකින, අසන සහ කියවන සියල්ල සැමවිටම සත්‍යය නොවන අතර ඒ පිළිබඳව තහවුරු කර ගැනීමකින් තොරව වාර්තා කිරීම ආරංචි රාළ දකින්නේ ඉබාගාතේ ඇවිදීමක් ලෙසය.

එසේම තමන් අනුමත නොකරන පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ මතවාදයක්  ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්කිරීමට සහ ජනතාව තුල ප්‍රතිවිරෝධී මතයක් ඇති කිරීමට  හිතාමතාම අසත්‍ය ප්‍රකාශ කිරීම සහ සත්‍ය විකෘර්ති කිරීම සැබවින්ම අපරාධයකි.

මේ රටේ කිසිම මාධ්‍ය ආයතනයක් ස්වාධීන නැත. කෝටි-ප්‍රකෝටි ගණන් තමන්ගේ ධනය ආයෝජනය කරමින් කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ජනතාවට සේවය කිරීමට හෝ ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීමට මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ නැත. රජයේ මාධ්‍ය ආයතනයකට  පොදු අරමුණක් තිබුණත් පෞද්ගලික මාධ්‍ය ආයතන බොහොමයක අරමුණු ඉතා පෞද්ගලිකය.

තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තම මාධ්‍ය ආයතන පාවිච්චි කිරීමට ඉඩ දීම මාධ්‍ය නිදහස නොවේ.

එබැවින් තමන් වාර්තා කරන ඕනෑම පුවතක් හෝ සිදුවීමක් පරම සත්‍යය බව තහවුරු කර නොගෙන වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතන, ව්‍යාපාර සහ ඊනියා මාධ්‍යවේදීන්.  මාධ්‍යයේ සැබෑ අරමුණු වෙත යොමු කරවීම සඳහා රටක අනිවාර්යයෙන්ම මාධ්‍ය සඳහා නියාමනයක් පැවතිය යුතුමය.

රජය විසින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය නියාමන යෝජනාව පිළිබඳව බොරු බිල්ලෙක් මවන්නේ තමන්ගේ දේශපාලන සහ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් මාධ්‍ය මෙහෙයවන අපරාධකරුවන් ය.

අපරාධකරුවන් ගෙන් සිදුවන්නේ විනාශයක් මිස වෙන කිසිවක් නොවේ.

ශීලාචාර සමාජයක් නිර්මාණය කර ගැනීමට සදාචාරාත්මක  මාධ්‍ය සංස්කෘතියක් සහයෝගය දැක්වීම වෘත්තීය මාධ්‍යවේදීන් සැමගේම යුතුකමක් සහ වගකීමක් වන්නේය. ආරංචි රාළ ඊයෙත්, අදත්, හෙටත් ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

මාධ්‍ය නියාමනය සදහා හැකි ඉක්මනින් කිසියම් නිශ්චිත ක්‍රමවේදයක් ගෙන එන්නයි ආරංචි රාළ බලකර සිටින්නේ ඒ නිසාය.

 

ආරංචි රාළ 2025.06,01 - 109 දිගහැරුම

 

Comments

Popular posts from this blog