ආරංචි රාළගෙන්
අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට මල්මිටක්!
වසර ගණනාවක් තිස්සේ දූෂිත දේශපාලකයින්ගේ දැඩි බලපෑම් වලට සිරවී අකර්මන්‍ය වී සිටි අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම මේ වන විට ක්‍රියාත්මකවී ඇත.
මාලිමා රජය යටතේ ස්වාධින කොමිසම් සභා වල කටයුතු රජයේ මැදිහත්වීමෙන් වියුක්ත කිරීමත් සමග අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම කරමින් සිටින විමර්ශන කටයුතු නිසා පසුගිය කාලයේදී විශාල වශයෙන් අල්ලස් හා දූෂණවලට සම්බන්ධ වූ දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් ගණනාවකටම එරෙහිව නිත්‍යානුකූලව චෝදනා ගොනු කිරීම සහ ඒ සමගම අල්ලස් සහ දූෂණ වලට ඍජුවම සම්බන්ධ පුද්ගලයින් ගණනාවක්ම අත්අඩංගුවට පත් වීම ආරංචි රාළව මහත්සේ උද්දාමයට පත් කර ඇත.
මාලිමාවට මෙරට බහුතර ජනතාව බලය ලබා දුන්නේ මේ වංචා සහ දූෂණවලට සම්බන්ධ දූෂිත පුද්ගලයින් නීතිය ඉදිරියට කැඳවා නිසි දඬුවම් ලබාදීම සඳහාය.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල කළ හැකි වුණත් ඔහු හෝ ඇය වැරදි කාරයකු බවට ඔප්පු කිරීමට නම් උසාවියක් ඉදිරියේ එම චෝදනා සැකයකින් තොරව සනාත කළ යුතුය.
මේ හේතුව නිසා චෝදනා ඉදිරිපත් කිරීම හෝ අත්අඩංගුවට ගැනීම ආවාට ගියාට කළ නොහැකිය. ඒ සඳහා නිසි පරිදි විමර්ශන කටයුතු කළ යුතු අතර විශ්වසනීයතවයෙන් යුතු සාක්ෂි සොයා ගත යුතුය. නිශ්චිත කාලයක් ගතවන්නේ ඒ නිසාය.
අනිත් අතට පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සහ අවාසනාවකට තවමත් සිදුවෙමින් පවතින වංචා සහ දූෂණ ප්‍රමාණය සලකා බලන විට, ඒවා විමර්ශනය කිරීමට ප්‍රමාණවත් නිලධාරින් අල්ලස් සහ දූෂණ කොමිසමේ සිටිනවාද කියන සැකයද ආරංචි රාළට ඇතිවේ.
කෙසේ වුවද මාධ්‍ය වාර්තා වලින් හෙළිවන ආකාරයට වසර ගණනාවක් තිස්සේ වංචාවේ අල්ලස් සහ දූෂණයේ මඩ ගොහොරුවක් බවට පත්ව තිබූ අපගේ දිවයින සුද්ද පවිත්‍ර කිරීම සඳහා අල්ලස් සහ විමර්ශන කොමිසම විසින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ආරංචි රාළ ඉහලින්ම අගය කරයි.
එසේම ආරංචි රාළ තවදුරටත් සතුටට පත් වන්නේ ඉතා ක්‍රමානුකූලව පියවරෙන් පියවර මෙරටේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වෙමින් පවතිනවා දැකීමයි.
මේ අවස්ථාවේදී දැඩි කැපවීමකින් සහ නිර්භීතව කටයුතු කරන අල්ලස් හා දූෂණ කොමිසමේ ජනරාල් රංග දිසානායකටට මල් මිටක් පිදිය යුතුව ඇත.
ආරංචි රාළ; 2025.05.24 - 106 වන දිගහැරුම
Comments
Post a Comment