සෑම දේශපාලන පක්ෂයක්ම මැයි දිනය නැවත කියවිය යුතුව ඇත. ලෝකවාසී ජනතාව තවත් මැයි දිනයක් අද දින සමරති. වැඩ කරන ජනතාව අද දින කම්කරු දිනය සමරනවා යැයි මෙම සටහන ආරම්භ කළ යුතු වුණත් ආරංචි රාළට හෘද සාක්ෂියට එකඟව එසේ කළ නොහැකිය. මක්නිසාදයත්, තවදුරටත් කම්කරු දිනය කම්කරුවන්ගේ හෝ ඔවුන් විසින් සමරනු ලබන දිනයක් නොවන නිසාය. අතීතයේ කම්කරු දිනය සැමරීමේදී පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේ මේ රටේ ප්‍රධාන වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව නියෝජනය කළ නායකයින් විසිනි. වාමවාදී මතවාද පෙරටුකරගත් ඔවුහු එම කාර්ය හරියටම කලහ. අනතුරුව දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති මැයි දිනයට නායකත්වය දෙන ලදි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කම්කරු ජනතාවගේ එකමුතුවන්වූ වෘත්තීය සමිති වලට අයත්ව තිබූ මැයි දිනය දේශපාලන පක්ෂ එය තමන්ගේ දේශපාලන රැලියක් බවට පත් කර ගත්හ. ආණ්ඩු බලය දරන දේශපාලන පක්ෂය සහ විපක්ෂ දේශපාලන පක්ෂ හැමවිටම මැයි දිනය තමන්ගේ දේශපාලන ශක්තිය පෙන්වීම සඳහා යොදාගනු ගන්නට විය. 1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ යූඑන්පී ආණ්ඩුව මැයි දිනය හුදු සැණකෙළියක් බවට පත්කර...
Posts
Showing posts from April, 2025
- Get link
- X
- Other Apps

මාර්ක් කාර්නි දිගින් දිගටම මතුකළ ජාතික ඒකාබද්ධතාවයේ අවශ්‍යතාවය ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා. ආරංචි රාළ මේ සටහන ලියන මොහොත වන විට කැනඩාවේ 2025 මැතිවරණයේදී ප්‍රතිඵල නිකුත් වීම බොහෝ දුරට අවසන්ව තිබූ අතර මාර්ක් කාර්නිගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇත. එම පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව නැතත් මේ වන විටත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වී ඇත. මීට ටික කාලයකට පෙර අගමැති ජස්ටින් ටෘඩෝ ට එරෙහිව ගොඩ නැගුණු ජන අප්‍රසාදය නිසා ලිබරල් පක්ෂය කෙරෙහි ජනතාවගේ එතරම් කැමැත්තක් තිබුණේ නැත. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමගම ඔහු විසින් කැනඩාව පිළිබඳව ගනු ලැබූ බොහෝ තීරණ නිසා තත්ත්වය එකවරම වෙනත් දිසාවකට යොමු වන්නට විය. ආරංචි රාළගේ දැනුමේ හැටියට ඒ වන විට අගමැතිවරයා ලෙස පත්විමට නියමිත මාර්ක් කාර්නිට ලිබරල් පක්ෂය ජයග්‍රහණය දක්වා මෙහෙයවීමට පහත සඳහන් කරුණු බලපෑ බව කිව යුතුය. ඇමරිකානු ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරය : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කළ වෙළඳ...
- Get link
- X
- Other Apps
දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා - වසන් කරන සිත මුහුණේ ලියවෙනවා. පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන සටහන් ලියන්න ආරංචි රාළ එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති උනත්, අද දිනයේ (29) මුහුණු පොතේ පළවී තිබූ මේ ඡායාරූප 3 දුටු විට යමක් ලිවිය යුතුමයි ආරංචි රාළට සිතුනේ Body Language පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති නිසාය. ඊයේ දිනයේ (28) අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවීම නිසා හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙතරම් තැති ගෙන ඇත්දැයි එම ඡායාරූප තුන නිරීක්ෂණ කිරීමෙන් ආරංචි රාළ වටහා ගත්තේය. මේ පිළිබඳව දෙවන කියවීමක් ලබා ගැනීමට Body Language පිළිබඳව ගැඹුරු අධ්‍යයන වල නිරතව, ඒ පිළිබඳව මනා අත්දැකීමක් ඇති, නව අධ්‍යයනය ක්‍රම පිළිබඳ විශේෂඥයෙක් වන Born To Win Relationships ආයතනයේ විධායක අධ්‍යක්ෂක දිලීප වන්නේආරච්චි මහතා වෙත මෙම ඡායාරූප තුන යොමු කරන ලදී. පහත දැක්වෙන්නේ ඡායාරූප තුන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔහු පළ කළ අදහස්ය. "වෙනදා දකින උපහාසාත්මක සැහැල්ලු බව ඔහු තුළ නැත. ඔහු තරමක් තමන් පිළිබඳව බියෙන් පසුවන බවක් පෙනේ. ඔහු වෙනදාට ආසනයේ පිටුපසට වී පහසුවෙන් සිටින ...
- Get link
- X
- Other Apps
සාමය පිලිබදව අලුත් පරිච්චේදයක් ලියන්නට සුදානම් වන සෙයිනබ් ෂාෆි දියණිය. මම තාත්තාට වඩා හොඳ වෛද්‍යවරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා. වෛද්‍ය ෂාෆි පිළිබද මතකය අලුත් කරමින් බලය වෙනුවෙන් මිනිසුන් නොමිනිසුන් බවට පත්වූ ඒ ඒ සාපලත් අදුරු කාල පරිච්චේදයට ඔබව නැවත රැගෙන යන්නට ආරංචි රාළට අවශ්‍ය නැත. මේ ඡායාරූපයේ දකින ආකාරයට වෛද්‍ය ෂාෆිගේ දෑතට මාංචු දාගෙන අරගෙන යන්නේ ඔහු කිසිසේත්ම නොකළ වරදකටය. එදා බොහෝ පිරිසක් මේ සිර ගත කිරීම අනුමත කළා. එකට හේතුව උනේ මේ රටේ ජඩ මාධ්‍ය විසින් ඔහුගේ නිර්දොශිබව කීමට කිසිදු අවස්ථාවක් නොදී තමන් විසින්ම කැදවූ අධිකරණ තුළ ඔහුව වරදකරුවෙකු කිරීමයි. සත්‍ය දැනගෙන සිටි සීමිත මිනිසුන් හදවතින් කම්පා වූ අතර මේ සටහන මුහුණු පොතට ලියා තිබු බණ්ඩාර තිලකරත්න ද එවැන්නකි. බණ්ඩාර තිලකරත්න ලියු සටහන, කිසිදු වෙනසක් නොකර ආරංචි රාල ඔබ සමග බෙදා ගන්නේ සාමය පිලිබදව අලුත් පරිච්චේදයක් ලියන්නට මේ දියණිය සුදානම්ව සිටින නිසාය. "මගේ හදවතට වැඩියෙන්ම දැනුණේ මේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන ලද වෛද්‍යවරයාගේ වැඩි මහලු දියණිය එවකට මා සේ...
- Get link
- X
- Other Apps
ලෝකය වෙනස් කරන්නට හැකියාව ඇත්තේ ලෝකය පිළිබඳව හොඳ විග්‍රහයක් කළ හැකි කෙනෙකුට පමණි. එහිදී රවීන් පියතුමා ඉදිරියෙන්ම සිටියේය. ගරු කිතුදස් රවීන් පෙරේරා පියතුමා මනුලොව ජිවිතයට සමුදී මේ වනවිට වසර 5 කි. රවීන් පියතුමා ගැන ආරංචි රාළට ඇත්තේ වෙනම මතකයක් සහ සම්බන්ධතාවයකි. ඒ ඔහු ආරංචි රාළගේ සමවයසේ සිසුවකුව සිටි නිසාය . එකම පාසලක අධ්‍යාපනය නොලැබුවද එකට පාසල් ගිය සැමදා මුණගැසෙන දයාබර මිතුරෙකි. මීගමුව මාරිස් ස්ටෙලා විදුහලේ අධ්‍යාපනය ලැබූ රවීන් පාසල නිම වූ පසුව මීගමුවේ සිට තමා ජීවත් වූ පමුණුගම ප්‍රදේශය දක්වා ගමන් ගත්තේ බස් රථයෙනි. එය පාසල් සිසුන්ගෙන් පිරී තිබුණි. බස් රථය සැබවින්ම කාලගෝට්ටියක් විය. ඒත් මේ කාලගෝට්ටිය අතර සිටි ඉතාමත් නිහඬ තැනැත්තෙක් වූයේනම් ඒ රවීන් ය. ඔහු වැඩිය ශබ්ද නගා කතා කළේ නැත. එහෙත් කතා කරන වචන වල ඉතා ගැඹුරු තේරුමක් විය. කෙනෙකු සමග දොඩමළු වන හැම විටකම ඔහුගේ මූණේ සුන්දර සිනාවක් මතු විය. ඔහු සැබවින්ම සෑම අතින්ම සම්පුර්ණවූ කඩවසම් කෙනෙකුවිය. පාසල් විය නිමවීමත් සමගම රවීන් කතෝලික පූජකවරයෙක් වීම සඳහා බදුල්ලේ 'හාවඩන්" දෙව්සත්තලට ඇතුල් වී තිබුණි....
- Get link
- X
- Other Apps

යාපනයේ නවාලී දේවස්ථානයට බෝම්බ හෙළීම සහ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවන්නේ පැහැදිලි ලෙසම එකිනෙකට වෙනස් සන්දර්භයයන් දෙකක් තුලය. 1948 සිට මේරට පාලනය කළ සිංහල අධිපතිවාදී ආණ්ඩු ( Sinhala dominated governments) වලින් වෙන් වී උතුරු නැගෙනහිර සඳහා වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කිරීමට දෙමළ තරුණ තරුණියන් විශාල උත්තේජනයක් ලබා දුන්නේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සහ කඳුකරයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව 1976දී යාපනයේ වඩුක්කෝඩෙයි හීදී එළිදැක්වූ "වඩුක්කෝඩෙයි ප්‍රකාශණයයි." දෙමළ ජාතියක් ලෙස පිළිගැනීම, උතුරු නැගෙනහිර දෙමළ නිජ භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් ලබාදීම මේ ප්‍රකාශයේ අඩංගු ප්‍රධාන කරුණු විය. 1977 මැද භාගයේදී පැවති මහා මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාස විශාල සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට හැකි වූයේ ඔවුන් වඩුක්කෝඩෙයි ප්‍රකාශණය පදනම් කරගෙන තම මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය නිසායැයි සමහර දේශපාලන විචාරකයෝ තර්ක කළහ. කෙසේ හෝ ඔවුන් විපක්ෂයේ බ...
- Get link
- X
- Other Apps
“අද කතෝලික සභාව තුල දකින්නට තිබෙන පුජක සංස්කෘතිය බලවතුන් විසින් සහ වරප්‍රසාදලත් අය විසින් සභාව තුල ඇතිකර ඇති විකෘතියක්” - ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයට පහලවූ වටිනා සම්පතක් බවත් ඒ නිසාම එතුමන්ගේ අපවත්වීම ගැන බොහෝ අය අද කම්පාවට පත්ව සිටි සිටිති. උන්වහන්සේගේ නික්මයාම සමග සමහරු සභාවේ අනාගත ගමන ගැන සැක පල කරති. එතුමන් විසින් සභාව තුල ඇති කරපු වෙනස් කම් අතර මග නතර වෙයි දෝ යන බියෙන් තැවෙති. ඇත්තටම එතුමන් ලෝකයට නව දැක්මක් දායක කර දෙමින් අළුත් ලෝකයක්, අළුත් අහසක් සහ අළුත් පොළවක් ගැන සිහින මැවු අයට විශාල ශක්තියක්වූ අතර අද ඒ සිහිනය අහිමිවනු ඇතැයි යන සැකයක් නිර්මාණය වී ඇත. ප්‍රැන්සිස් පාප් තුමන්ගේ සමාජ දර්ශනය සහ චින්තනය පිළිබඳ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ සම්පුර්ණ සටහන ආරංචි රාළ ඔබවෙත මෙසේ ඉදිරිපත් කරයි. එතුමා තුන්වැනි ලෝකයෙන් පැමිණි කෙනෙක් බැවින් එතුමන්ට ලෝක යතාර්ථය සැබෑ ලෙස දකින්නට හැකි විය. පලවෙනි ලෝකය චින්තනයේ විකුර්ති ස්වභාය එතුමන් දිටීය. ලෝක බලවතුන් හදුන්වා දී ඇති පවතින ලිබරල් ආර්ථිකයේ ආසාධ...
- Get link
- X
- Other Apps
තවත් මහාත්මා පුරුෂයකු අප හැර ගොස් ඇත . ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇත. උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආස්වාදයක් ලබා දෙනු ඇත. අනුර කුමාර දිසානායක, ජනපති, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. " පාප් දිවිය තුළදී කතෝලික සභාවේ සම්ප්‍රදායික සිතුම්පැතුම් සහ එතුමාගේ නිදහස් මතවාදයන් ගලපා ගැනීම කෙතරම් අසීරු වූවාදැයි සිතාගත නොහැක." රිද්ම ෆොන්සේකා, විධායක අධ්‍යක්ෂ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රැන්සිස් පාප් වහන්සේ තුන්වන ලෝකයෙන් පත් වූ කෙනෙක්. ඒ නිසා දුප්පතුන්ගේ යථාර්ථයට ඉතාමත් සංවේදී කෙනෙක්. සංවර්ධනය ගැන බලවතුන් යෝජනා කරන Trickle Down Theory පිළි ගත්තේ නැහැ. මනූෂ්‍යත්වය සහ පරිසරයට සිදුවන හානිය ගැන ඉතාමත් ඉදිරිගාමී දැක්මක් තිබුනා. උන් වහන්සේ කළ එක් බරපතල ප්‍රකාශයක් වූයේ ආර්ථිකය ලාභයට නොව මනුෂ්‍යයට සේවය කල යුතුය. ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ජනාවබෝධය සමාජ ව්‍යාපා...
- Get link
- X
- Other Apps
මීගමුව තලාහේන පාස්කු නාට්‍යය; සාම්ප්‍රදායික පාස්කු කලාවේ නූතන ප්‍රවේශයයි. ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය කලාවට ඇත්තේ පෘතුගීසි පාලන සමය දක්වා ඈතට විහිදෙන ඉතිහාසයකි. කැලණිය සරසවියේ ක්‍රිස්තියානි සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දුට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පාස්කු නාට්‍යය ඉදිරිපත් කර ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රැන්සිස්කන් මිෂනාණීවරයෙක් වූ ඇන්ටෝනියෝ පිඇක්ෂිටෝ පියතුමාගේ මූලිකත්වයෙන් 1590 කාල වකවානුවේදීය. වසර ගණනාවක් තිස්සේ මෙම නාට්‍යය එහි එන විවිධ චරිත සදහා පිළිම (සුරුවම්) භාවිතා කරමින් ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලාංකික කතෝලිකයෙකුවූ කේ.ලෝරනස් පෙරේරා 1923 පාස්කු නාට්‍යය සංදර්ශනයට සම්බන්ධ වී ඇත. කාලයක් තිස්සේ පිළිම /සුරුවම් උපයෝගී කරගෙන රග දැක්වූ පාස්කු නාට්‍යය සදහා ජීවමාන පුද්ගලයින චරිත නිරූපණය කිරිමට පටන් ගත්තේ මෑතකදීය. මෙහිදී මීගමුව පිටිපන, දූව සහ තවත් බොහෝ ප්‍රදේශවල පාස්කු නාට්‍යය සංදර්ශනයක් ලෙස ඉදිරිපත් කළ අතර දුවේ පාස්කු නාට්‍ය ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් නව්‍යමය ආකාරයට රචනා කරමින් ඉදිරිපත් කරන ලද අතර එය කතෝලික ජනතාව අතර පමණ...
- Get link
- X
- Other Apps
“ උසාවි වල ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් විසඳා අවසන් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන අභිලාෂයකි.” - අධිකරණ ඇමති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතාව අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන පරිදි මේ වන විට විවිධ ආකාරයේ නඩු දස ලක්ෂ දහ දහකට වැඩි ප්‍රමාණයක් උසාවි වල හිරවී ඇත. ඉඩම් ආරවුලක්, පවුලක අඹුසැමි ගැටුමක්, හොරකමක්, මිනි මැරුමක් වංචාවක් හෝ ගිවිසුම් කඩකිරීමක් නිසා කිසියම් අගතියකට පත්වන පුද්ගලයෙක් හෝ පාර්ශ්වයක් යුක්තිය ඉල්ලා නීතිය ඉදිරියට පැමිණිලි කළ විට පොලිසියෙන් හෝ සමථ මණ්ඩලයකට යුක්තිය පසඳලීමට හෝ දෙපාර්ශවය අතර කිසියම් අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණීමට නොහැකි වන්නේ නම් අවසානයේ ඒ නතර වන්නේ උසාවියක් තුළය. මෙහිදී අගතියට පත්වෙන පුද්ගලයා හෝ පාර්ශවයන් තමන් වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස උසාවියෙන් ඉල්ලා සිටි. නීතිය කඩවීමේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ස්වභාවය අනුව යුක්තිය පසදලිය යුත්තේ කුමන උසාවියෙන් දැයි තීරණය වනු ඇත. එය කුමන උසාවියකින් සිදුවූවත් යුක්තිය පසඳලීම පමා වන්නේ නම් නියත වශයෙන්ම එය යුක්තිය ලබා එක්තරා ආකාරයක ප්‍රතික්ෂේප කිරීමක් බවයි ආරංචි රාළගේ අදහස. ඒ අන...
- Get link
- X
- Other Apps
තම මුලු කාලයම මේ රටේ පීඩාවට පත්වූ මිනිසුන්ගේ ජීවිත යහපත් කරන්න කැප කළ අපූරු මිනිසුන් තිදෙනෙක් සහ ගැහැනියක්! ඔවුන් මේ ගත කරන්නේ තමන්ගේ ජීවිතයේ සැදෑ සමයයි. නිවිසැනසිල්ලේ ගතකළ හැකි සැදැසමයද ජනතාව වෙනුවෙන්ම කැපකර ජනතාවට වඩා යහපත් ජිවිතයක් ලබා දීමට සූදානමින් ඔවුහු දැන් ජනෝදානය තුළ ක්‍රියාශීලීව සැබෑ වෙනසක් වෙනුවෙන් කටයුතු කරමින් සිටිති. ජනෝදානය සංවිධානයක් හෝ ආයතනයක් නොවේ. එය විවිධ සංවිධාන, ආයතන සහ ව්‍යාපාරවල ක්‍රියාකාරී ලෙස සමාජ සහ දේශපාලන කටයුතුවල නිරතව සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට සැබෑ වෙනසක් සඳහා වන දේශපාලන ක්‍රියාදාමයකට සම්බන්ධ වීමට නිර්මාණය කරන ලද අවකාශයක් වන අතර කාලයක් තිස්සේ ජනෝදානය ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී කොටස්කරුවෙකු ලෙස කටයුතු කරයි . වසර ගණනාවක් තිස්සේ විවිධ සමාජ සංවිධාන සහ ව්‍යාපාරවල පූර්ණ කාලීනව කටයුතු කරමින් සිටින ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා (ජනාවබෝධ කේන්ද්‍රයේ නිර්මාතෘ වරයාය.) ෂෙල්ටන් පීරිස් මහතා (සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය පුරෝගාමී සාමාජිකයාය.) ගරු නොයෙල් ක්‍රිස්ට්‍රින් පැවිදි සොයුරිය (ශ්‍රමාභිමානි කේන්ද්‍රය, වි...