මාර්ක් කාර්නි දිගින් දිගටම මතුකළ ජාතික ඒකාබද්ධතාවයේ අවශ්‍යතාවය ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා.
ආරංචි රාළ මේ සටහන ලියන මොහොත වන විට කැනඩාවේ 2025 මැතිවරණයේදී ප්‍රතිඵල නිකුත් වීම බොහෝ දුරට අවසන්ව තිබූ අතර මාර්ක් කාර්නිගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇත. එම පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව නැතත් මේ වන විටත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වී ඇත.
මීට ටික කාලයකට පෙර අගමැති ජස්ටින් ටෘඩෝ ට එරෙහිව ගොඩ නැගුණු ජන අප්‍රසාදය නිසා ලිබරල් පක්ෂය කෙරෙහි ජනතාවගේ එතරම් කැමැත්තක් තිබුණේ නැත. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමගම ඔහු විසින් කැනඩාව පිළිබඳව ගනු ලැබූ බොහෝ තීරණ නිසා තත්ත්වය එකවරම වෙනත් දිසාවකට යොමු වන්නට විය. ආරංචි රාළගේ දැනුමේ හැටියට ඒ වන විට අගමැතිවරයා ලෙස පත්විමට නියමිත මාර්ක් කාර්නිට ලිබරල් පක්ෂය ජයග්‍රහණය දක්වා මෙහෙයවීමට පහත සඳහන් කරුණු බලපෑ බව කිව යුතුය.
ඇමරිකානු ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරය: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කළ වෙළඳ යුද්ධය සහ කැනඩාව ඇමරිකාවට එක් කර ගැනීම වැනි ප්‍රකාශ වලට එරෙහිව කැනේඩියානු ජනතාව අතර ප්‍රබල ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ගොඩ නැගුණි. මෙය ලිබරල් පක්ෂය, මාර්ක් කාර්නිගේ නායකත්වයෙන්, ඉතා හොඳින් උපයෝගී කර ගත්තේය.
ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග වලට කාර්නිගේ දැඩි විරෝධය: කැනේඩියානු බහුමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය ඉස්මතු කරමින් කාර්නිගේ දැඩි ඇමරිකානු විරෝධය ජනතාවගේ කැමැත්ත දිනාගැනීමට තවත් හේතුවක් විය.
මාර්ක් කාර්නිගේ නායකත්වය: අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ කළ මාර්ක් කාර්නිගේ මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම, විශේෂයෙන්ම ඔහු මහා බැංකු අධිපති ලෙස සේවය කළ අත්දැකීම්, සහ ආර්ථික අර්බුද සම්බන්ධව ඔහු ලබාදුන් විසඳුම් යෝජනා ලිබරල් පක්ෂයට විශාල වාසියක් ලබා දුන්නේය.
අනිකුත් පක්ෂවලට තිබූ අභියෝග: පියෙර් පොයිලිවර්ගේ නායකත්වය යටතේ කොන්සර්වේටිව් පක්ෂය ට්‍රම්ප්ගේ දේශපාලන හැසිරීමට ඍජුව කටයුතු කිරීමට නොහැකි විමේ අභියෝගයකට මුහුණ දුන්නා. පොයිලිවර්ට ට්‍රම්ප්ට අභියෝග කිරීමට ශක්තියක් නැති බවට කැණීඩියානු ඡන්ද දායකයන් අතර මතයක් ගොඩනැඟුණා. ඔහු තම ආසනය පවා දැඩිව පරාජය වීම පක්ෂයට දැඩි අලාභයකි
ජාතික ඒකාබද්ධතාවය: එක්සත් ජනපදයෙන් එල්ල වන භීෂණාත්මක තර්ජනවලට මුහුණ දීමට ජාතියක් ලෙස ඒකාබද්ධව සිටිය යුතු බව මාර්ක් කාර්නි හැමවිටම අවධාරණය කළේය. මෙම පණිවිඩය ලිබරල් පක්ෂයට රටපුරා ජනතා සහාය ලබා ගැනීමට උපකාරී විය.
නායකත්වයෙහි බලවත්භාවය, බාහිර තර්ජනවලට සාර්ථක ප්‍රතිචාරයක් ලබා දීම සහ විපක්ෂ පක්ෂවල අභියෝගයන් එල්ලවීම ලිබරල් පක්ෂය අවසානයේදී ජයග්‍රණය කරා ගෙන ගියේය..
මැතිවරණ ජයග්‍රහණය කිරීමට පමණක් නොව රටක් සැබෑ ලෙසම ජයග්‍රහණය කරා රැගෙන යාමට මේ ජාතික ඒකාබද්ධතාවය අතිශයින්ම වැදගත් බව මාර්ක් කාර්නිගේ සහ ලිබරල් පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලාංකීය අපට නැවත වතාවක් මතක් කර දෙන බව ආරංචි රාළගේ අදහසයි.
ආරංචි රාළ; 2025.04.30 - 93 වන දිගහැරුම
Comments
Post a Comment