“අද කතෝලික සභාව තුල දකින්නට තිබෙන පුජක සංස්කෘතිය බලවතුන් විසින් සහ වරප්‍රසාදලත් අය විසින් සභාව තුල ඇතිකර ඇති විකෘතියක්” -  ප්‍රැන්සිස් පාප්වහන්සේ

 

ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයට පහලවූ වටිනා සම්පතක් බවත් ඒ නිසාම එතුමන්ගේ අපවත්වීම ගැන බොහෝ අය අද කම්පාවට පත්ව සිටි සිටිති. උන්වහන්සේගේ නික්මයාම සමග සමහරු සභාවේ අනාගත ගමන ගැන සැක පල කරති. එතුමන් විසින් සභාව තුල ඇති කරපු වෙනස් කම් අතර මග නතර වෙයි දෝ යන බියෙන් තැවෙති. ඇත්තටම එතුමන් ලෝකයට නව දැක්මක් දායක කර දෙමින් අළුත් ලෝකයක්, අළුත් අහසක් සහ  අළුත් පොළවක් ගැන සිහින මැවු අයට විශාල ශක්තියක්වූ අතර  අද ඒ සිහිනය අහිමිවනු ඇතැයි යන සැකයක් නිර්මාණය වී ඇත.

ප්‍රැන්සිස් පාප් තුමන්ගේ සමාජ දර්ශනය සහ චින්තනය පිළිබඳ  ගරු  සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ සම්පුර්ණ සටහන ආරංචි රාළ ඔබවෙත මෙසේ ඉදිරිපත් කරයි.

  

එතුමා තුන්වැනි ලෝකයෙන් පැමිණි කෙනෙක් බැවින් එතුමන්ට ලෝක යතාර්ථය සැබෑ ලෙස දකින්නට හැකි විය. පලවෙනි ලෝකය චින්තනයේ විකුර්ති ස්වභාය එතුමන් දිටීය.    

ලෝක බලවතුන් හදුන්වා දී ඇති පවතින ලිබරල් ආර්ථිකයේ ආසාධාරන ස්වභාවය දුටු ප්‍රැන්සිස් පාප් වහන්සේ එය තියුණු ලෙස ප්‍රතික්ෂේප කල කෙනෙකි.

එතුමන්ට අනුව, එම ක්‍රමය මනුෂත්වයට සහ පරිසරයට වඩා ලාබය ගැන පමනක් මුල් කර ගත් ක්‍රමයකි. බලවතුන්ට අනුව ආර්ථික වර්ධනය ඇති වූ විට, එයින් ජනතාවට ලාභ ප්‍රයෝජන නිසැකවම කාන්දු වන බව පැවසුවත් (trickledown theory) එම ක්‍රමය සාර්ථක බව සනාථ කරන්නට තරම් සාක්කි නොමැති බව එතුමා පවසයි.

එයින් සිදුවන්නේ සමාජ විෂමතාවයන් වර්ධනය වීමත් බහුතරය ආන්තීකකරණයට ලක්වීමත් බව එතුමා සදහන් කර ඇත. (Evangelii Gaudium (2013), 54 වගන්තිය). සමහරුන් මරණයට පවා  ලක්වීමයි.

එතුමා තව දුරටත් පවසන්නේ, එම ආර්ථික ක්‍රමය සමාජය තුල තරගකාරී බවක් ඇති කරන බවයි. එයින් ශක්තිමත් කෙනා සහ බලවතා තරගයෙන් ජයගෙන බෙලහීනයන් මත ඔවුන් ජීවත් වේ. (Evangelii Gaudium (2013), 53 වගන්තිය).

එවන් ආර්ථිකයක් තුල “මුදල්” එනම් “ප්‍රාග්ධනය” දෙවියන් බවට පත්වෙනවා. ප්‍රාග්ධනය තම දෙවියන් වූ විට, තීන්දු ගන්නේ මුදලට සහ ප්‍රාග්ධනයට පක්ෂපාතිකවයි. එවිට, එම ක්‍රමය මනුෂ්‍ය අවශ්‍යතාවයන් ගැන තිබිය යුතු සංවේදී බව නැති වේ. එය දුර්වල අයව ගිල දමයි. මුදලට ඇතිවන කෑදරකම මත සියල්ල තීරණය වන්නේ නම්, මිනිස් ජීවිත සහ මුළු සමාජයම මරණයට, විනාශයට පත්වෙනවා.

(Laudato Si’ (2015), වගන්තිය 204. එයින් ඇතිකරන අහිතකර බලපෑම ආර්ථිකයට පමණක් නොවේ. පරිසරය ද විනාශයට පත්වෙනවා.

එම නිසා, එතුමා යෝජනා කරන්නේ සියලු ආර්ථීක ක්‍රමයක්ම සහෝදත්වය, මානව ගරුත්වය, දුගීන්ට රැකවරණය සැලසීම මත සිදුවිය යුතුය බවය.   (Fratelli Tutti (2020), 168 වගන්තිය)

විකල්පය:  එතුමන් යෝජනා කරන්නේ මානුෂික ආර්ථිකයක්. මිනිසුන් මරාදමන ආර්ථිකයක් වෙනුවට ඔවුන්ට සේවය කරන ආර්ථිකයක්, මනුෂත්වය පිළිගන්නා, යුක්තියට   ගරු කරන, සැවොම ඇතුල්වෙන, පරිසරය රැකෙන ආර්ථිකයක්.

වෙළද පොලට සියල්ල විසඳිය නොහැකිය. එතුමාගේ සිහිනය නව අනාගතයක්. සරල බව අගයන, සාමය පවතින දුප්පතුන් ආරක්ෂා වෙන යුගයක්. අවශ්‍ය වන්නේ වෙනස් ආර්ථිකයකි. එතුමන්  තරුණයින්, ආර්ථික විශේෂඥන් සහ ව්‍යවසායකයින්ටං මනුෂත්වය රකින, කිසිවෙක් පාගා නොදමන, ජනතාවට සේවය කරන ආර්ථීක මෙවලමක් නිර්මාණය කරන්න කැදවනවා.

සභාව :  සභාව තමන් වෙත පමණක් යොමුවූ ආයතනයක් නොවිය යුතුය. එතුමන් ගොඩ නගන්නට වෙර දැරුවේ අන් අයට දොර වැසුණු සභාවක් වෙනුවට අනිකාට දොර විවෘත වූ සභාවකි. එතුමා කැමති තමන් ගේ ආරක්ෂාව ගැන පමණක් වෙහෙසී රෝගී වූ සභාවකට නොව තුවාල වූ සභාවකට, පරිදියේ සේවය කරන සහ නිතර වීදියේ කාලය ගතකරන නිසා “කිළිටු” වූ සභාවකට. Evangelii Gaudium (2013), වගන්තිය 49). තවද, අමතක කරනු ලැබුවාවූ අය වෙනුවෙන් වෙහෙසන, දුප්පත් ජනතාව ගැන සැලකිලිමත් වන සභාවකටය.

සභාව ඒ සියල්ලන්ගේ ය. සභාව කියන්නේ කුඩා දේවස්ථානයක ඉන්නා සුළු පිරිසක් නොවේ. එතුමා යෝජනා කර ඇත්තේ එකිනෙකාට, කාන්තාවන්ට, ගිහියන්ට, තරුණ තරුණියන්ට, සභාව හැර ගිය අයට සවන් දෙන්න කියලයි. අද සභාවට එතුමා යෝජනා කර ඇත්තේ බලය විමධ්‍ය ගත වූ සභාවක්.    

සැබෑ වෙනස ඇති වන්නේ ඉහලින් පමණක් නොවේ. පරිදියේ අයට සහ අනිකාට ඇහුම්කන් දීමෙනි. එතුමා පුජක වාදය  තදින් විවේචනය කරයි. අද පවතින  සභාව තුල දකින්නට තිබෙන පුජක සංස්කෘතිය බලවතුන් විසින් සහ වරප්‍රසාදලත් අය විසින් සභාව තුල ඇතිකර ඇති විකෘතියක් බව සදහන් කර ඇත.

 

ආරංචි රාළ - 2025.04.24. 88 වන දිගහැරුම

 

 

 

Comments

Popular posts from this blog