මිත්‍යා විශ්වාස වලින් පිරුණු ආගමික ගතානුගතිකත්වයට ඇති එකම විකල්පය මනුෂ්‍යත්වයයි.
"අයෝති"දමිල චිත්‍රපටිය අපට කියන්නේ ඒ කතාවයි.
මානව වටිනාකම් සහ මානුෂීය හැඟීම් ස්පර්ශ කරන චිත්‍රපටවලට අපව ඉතා තදින් ආකර්ෂණය කර ගත හැකිය. එවැනි චිත්‍රපටයක් තුළ අපව ගිලී යන අතර එවැන්නක් අපව දැඩි කම්පනයකට පත් කරයි. ආරංචි රාළ ව එසේ කම්පනයට පත්කළ චිත්‍රපටයකි "අයෝති".
මන්දිර මූර්ති විසින් අධ්‍යක්ෂණය කරන ලද "අයෝති" දමිල චිත්‍රපටිය නරඹන්නන් තුළ සදාකාලික කම්පනයක් සේම දැඩි මානූෂීය හැඟීමක් ඇති කරයි.
එය ආගම, මිථ්‍යා විශ්වාස, පිරිමින්ගේ පුරුෂවාදී ආකල්ප සහ තීරණාත්මක මොහොතකදී ගැහැණිය තමාගේ ශක්තිය පෙන්නුම් කිරීම සේම වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ අප විසින් නියත වශයෙන්ම ආමන්ත්‍රණය කළ යුතු ගැටලු ගණනාවක්ම ඉතා පරිස්සමෙන් ස්පර්ශ කරන චිත්‍රපටයකි.
බොහෝ කරුණු චිත්‍රපටයේ පසු පෙළින් දිව ගියත් අධ්‍යක්ෂවරයා ඕනෑවට වඩා චරිත, සිදුවීම් හෝ උප කතා මාලා හඳුන්වා නොදී සරලව කථා වස්තුව ගලාගෙන යන ආකාරයට චිත්‍රපටය නිර්මාණය කර ඇත.
චිත්‍රපටය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත, අපට අයෝතිහි සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් හඳුන්වා දෙනු ලැබේ. මෙම පවුල මෙහෙයවනු ලබන්නේ ගතානුගතික, ආගමික කුලදෙටුවෙකු වන යෂ්පාල් ෂර්මා විසිනි. ඔහු තම බිරිඳට කුරිරු ලෙස සලකන අතර ඇයව බොහෝ ආකාරවලින් සූරාකයි. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටී. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයෙකු වන ශිවානි සහ තරුණ පිරිමි ළමයෙකුවූ සෝනූ ඒ අතරවේ.
දීපවාලි උත්සවයේදී, පවුලේ අය රාමේෂ්වරම් වෙත අධ්‍යාත්මික චාරිකාවක් යාමට තීරණය කරන්නේ, ගමන ව්‍යසනයක් බවට පත්වන බව නොදැනය. දරුවන් දෙදෙනාගේ මව වන ජානකි ඔවුන් ගමන් කරමින් සිටින කැබ් රථය වේගයෙන් පැදවීමට පවුලේ පියා රියදුරුට අණ කිරීම නිසා සිදුවන අනතුරකින් බරපතල තුවාල ලබා මිය යයි.
එම කුලී රථය පදවන රාමේෂ්වරම්හි පදිංචිකරුවකු වන වන සසි කුමාර්ගේ මිතුරෙකු , මියගිය ජානකීගේ සිරුර තමන්ගේ උපන් ගම වෙත රැගෙන යාමට මෙම පවුලට උදව් කරයි. චිත්‍රපටිය පුරාවට සිදුවන්නේ මේ සිද්ධිදාමයයි.
රියදුරු සසි කුමාර්ගේ මිතුරකු මෙම පවුලට උදව් කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ. එහෙත් මෙසේ උදව් කිරීමට යාමේදී ගතානුගතික ආගම්වාදී කුල දෙටුවා ඔහුගේ ආගමික විශ්වාසයන් තුළම සිටීම නිසා මහත් ගැටලු ඇතිවේ. කෙසේ හෝ මෙම මළ සිරුර අවසානයේ ගුවන් යානයකින් ඔවුන් පැමිණි නගරයට රැගෙන යාමට හැකිවන අතර තමන්ට මෙසේ කිසිදු කොන්දේසියකින් තොරව උදව් කරනු ලබන පුද්ගලයා රාමේශ්වරන්හි ජීවත්වන අබ්දුල් මලික් නම් මුස්ලිම් තරුණයකු බව දැන ගන්නේ සියල්ල සිදුවූ පසුවය.
ඒ සමගම චිත්‍රපටය අවසාන වන අතර මිත්‍යා විශ්වාස වලින් පිරුණු ආගමික ගතානුගතිකත්වයට ඇති එකම විකල්පය මනුෂ්‍යත්වය බව නරඹන්නන් අවබෝධ කර ගනිති.
ජාතික සහ ආගමික ඒකාබද්ධතාවය කතා කරන සහ ඒ වෙනුවෙන් වැඩ කිරීමට කැපවී ඇති සියලු දෙනා මෙම චිත්‍රපටය නැරඹිය යුතු යැයි ආරංචි රාළ අවධාරණය කරයි.
ආරංචි රාළ - 2025 .04. 15 - 83 වන දිගහැරුම

Well written 👌 Thank you.
ReplyDelete