දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා - වසන් කරන සිත මුහුණේ ලියවෙනවා.

පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන සටහන් ලියන්න ආරංචි රාළ එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති උනත්, අද දිනයේ (29) මුහුණු පොතේ පළවී තිබූ  මේ ඡායාරූප 3 දුටු විට යමක් ලිවිය යුතුමයි ආරංචි රාළට සිතුනේ  Body Language පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති නිසාය.

ඊයේ දිනයේ (28) අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවීම නිසා හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙතරම් තැති ගෙන ඇත්දැයි එම  ඡායාරූප තුන නිරීක්ෂණ කිරීමෙන් ආරංචි රාළ වටහා ගත්තේය. මේ පිළිබඳව දෙවන කියවීමක් ලබා ගැනීමට Body Language පිළිබඳව ගැඹුරු අධ්‍යයන වල නිරතව, ඒ පිළිබඳව මනා අත්දැකීමක් ඇති, නව අධ්‍යයනය ක්‍රම පිළිබඳ විශේෂඥයෙක් වන Born To Win Relationships ආයතනයේ විධායක අධ්‍යක්ෂක දිලීප වන්නේආරච්චි මහතා වෙත මෙම ඡායාරූප තුන යොමු කරන ලදී. පහත දැක්වෙන්නේ  ඡායාරූප තුන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔහු පළ කළ අදහස්ය.

"වෙනදා දකින උපහාසාත්මක සැහැල්ලු බව ඔහු තුළ නැත. ඔහු තරමක් තමන් පිළිබඳව බියෙන් පසුවන බවක් පෙනේ.  ඔහු වෙනදාට  ආසනයේ පිටුපසට  වී පහසුවෙන් සිටින කෙනෙකි. යමෙක් ආසනයක්  ඉදිරියටම වී සිටින්නේ, එම මොහොතේ ඔහුට හෝ ඇයට ආසනයේ වාඩිවී සිටීම ගැන නොඉවසිල්ලක් හෝ අවිනිශ්චිත බවක් දැනුනාමයි. උගුර කට නම් කොහොමත් වේලෙනවා මේ වෙලාවට. නමුත් යමක් බොන්නෙ තිබහටම නොවේ. මෙතනදී  ඔහු එසේ කරන්නේ සිතන්නට කාලය ගන්නයි. කෙනෙක්  දැඩි ඕනෑ කමින් සිටිනා විට හිස මදක් ඇලවෙනවා. අද රනිල් වික්‍රමසිංහ මහතාගේ හිස සෘජුයි. එයින් ප්‍රකාශ වන්නේ ඔහු වෙනත් ලෝකයක ඉන්නා බවයි. කෙතරම් පැසුනු මනුස්සයෙක් උනත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අද සාමාන්‍ය මිනිහෙක් මෙන් කලබල වී ඇති බව ඉතා පැහැදිලිය.”

සිදුවෙමින් පවතින දේවල් පිළිබදවද ආරංචි රාළ සිටින්නේ ලොකු සතුටකිනි. නීතියේ ඉදිරියේ චන්ඩි පාට් දාන්න දැන් කාටවත් බැරිය. දැන් මේ රටේ සෑම පුරවැසියෙක්ම නිතිය ඉදිරියේ සමාන පුරවැසියෙකි. පොලිසියට සහ රාජ්‍ය නිලධාරීන්ට රටේ නිතිය සහ රෙගුලාසි අනුව කටයුතු  කිරීමේ නිදහස ඇත.

එදා සිරිලිය ගිණුමක් ගැන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ආර්යාව අපාරාධ විමර්ශන අංශයට කැදවූ විට රටේ ලොකුපුටුවේ වාඩිවී සිටි පුද්ගලයාගේ නියමයෙන් කට උත්තර ලබා ගැනීමට පරීක්ෂක නිලධාරීන්ට ඇයගේ නිවසට යන්නට සිදුවිය. මිග්යානා ගනුදෙනුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා උසාවි කැදවූ වායි එවකට හිටි ජනාධිපතිවරයාට යකා නැග්ගේය.

ලෝකකන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට යාමදී පොලිසියට ලොක්කන් ඉදිරියේ බලුවෙන්නට සිදුවිය.

නීතියේ ආධිපත්‍ය නොරකින රටකට සංවර්ධනය සදාකාලික  සිහිනයකි. කාට එය  නොතේරුණත් මෙරට බහුතර ජනතාව එය හොදින් වටහාගෙන ඇත.

ආරංචි රාළ 2025.04.29  - 92 දිගහැරුම

 

 



Comments

Popular posts from this blog