“ උසාවි වල ගොඩ ගැසී ඇති නඩු  ඉක්මනින් විසඳා අවසන් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන අභිලාෂයකි.” - අධිකරණ ඇමති

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතාව අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන පරිදි මේ වන විට විවිධ ආකාරයේ නඩු දස ලක්ෂ දහ දහකට වැඩි ප්‍රමාණයක් උසාවි වල හිරවී ඇත.

ඉඩම් ආරවුලක්, පවුලක අඹුසැමි ගැටුමක්, හොරකමක්, මිනි මැරුමක් වංචාවක් හෝ ගිවිසුම් කඩකිරීමක් නිසා කිසියම් අගතියකට පත්වන පුද්ගලයෙක් හෝ පාර්ශ්වයක් යුක්තිය ඉල්ලා නීතිය ඉදිරියට පැමිණිලි කළ විට පොලිසියෙන් හෝ සමථ මණ්ඩලයකට යුක්තිය පසඳලීමට හෝ දෙපාර්ශවය අතර කිසියම් අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණීමට නොහැකි වන්නේ නම් අවසානයේ ඒ නතර වන්නේ උසාවියක් තුළය.

 මෙහිදී අගතියට පත්වෙන පුද්ගලයා හෝ පාර්ශවයන් තමන් වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස උසාවියෙන් ඉල්ලා සිටි.

නීතිය කඩවීමේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ස්වභාවය අනුව යුක්තිය පසදලිය යුත්තේ කුමන උසාවියෙන් දැයි  තීරණය වනු ඇත.

එය කුමන උසාවියකින් සිදුවූවත්  යුක්තිය පසඳලීම පමා වන්නේ නම් නියත වශයෙන්ම එය යුක්තිය ලබා එක්තරා ආකාරයක ප්‍රතික්ෂේප  කිරීමක් බවයි  ආරංචි රාළගේ අදහස.

ඒ අනුව දස ලක්ෂ දහ දාහකට යුක්තිය ලබාදීමට අපේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රතික්ෂේප කර ඇති බව කියන්නට තරම් ආරංචි රාළ කුහක වන්නේ නැත

උසාවි වල ගොඩ ගැසී ඇති මෙම නඩු හැකි තරම් ඉක්මනින් විසඳා අවසාන කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන අභිලාෂයක් වූවත්  ඒ සඳහා අධිකරණ පද්ධතිය තුළ පවතින මානව සහ අනෙකුත් සම්පත් හිඟතාවය විශාල බාධාවක්  බව අධිකරණ අමාත්‍යවරයා අවස්ථා කීපයකදී  පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කරනවා ආරංචි රාළට ඇසුනි.

බංකොලොත් කර  භාර දුන් රටක ආණ්ඩුව මූලිකත්වය ලබාදිය යුතු බොහෝ දේ තිබුනත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කැපවුණු ජාතික ජන බලවේගය ආණ්ඩුව නියත වශයෙන්ම මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව ආරංචි රාළට නම් හොඳටම විශ්වාසය.

 

ආරංචි රාළ2025 .04. 17-  85 වන දිගහැරුම

 

 


Comments

Popular posts from this blog