71 ආණ්ඩුවට විරුද්ධව කැරැල්ල  මෙහෙයවූ  "චේ ගුවේරාකාරයෝ "

ජනතා විමුක්ති පෙරමුණ තම ප්‍රථම ආයුධ සන්නද්ධ අරගලය දියත් කළේ 1971 අප්‍රියෙල් 05 වෙනිදා පනස්හතර වසරකටපෙර  ඊයේ වැනි දිනයකය. අපි එය අප්‍රියෙල් කැරැල්ල ලෙස එය හදුන්වමු. මෙම කැරැල්ලට නායකත්වය දෙනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා වුවත් කරැල්ල ආරම්භ කළ  අප්‍රියෙල් 05 දිනට පෙර පොලිසිය රෝහණ විජේවීරව අත්අඩංගුවට ගෙන තිබුණි.

අප්‍රියෙල් කැරැල්ලට ජීවමානව සම්බන්ධවූ එවකට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් කීපදෙනෙකුට අනුව අප්‍රියෙල් පස්වෙනිදා කැරැල්ල ආරම්භ කිරීම පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායම් කීපයකටම නිවැරදි තොරතුරු ලැබී තිබුනේ නැත. කැරැල්ල අසාර්ථක වීමට එය එක හේතුවක් වන්නට ඇත. ඒ මොහොතවන විට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දිගින් දිගටම පොලිසිය සහ හමුදාව විසින් අත්අඩංගුවට ගනිමින් තිබුණු බැවින්  කැරැල්ල දියත් කරනවා හැර වෙන විකල්පයක් ඔවුන්ට තිබුනේ නැත. කැරලිකරුවෝ ආණ්ඩුවේ ආයනත සහ පොලිස්ඨාන වලට පහර දුන් අතර ආරංචි රාළ ට මතක විදියට වරකාපොළ  පොලිස්ඨානය කැරලිකරුවන් භාරයට ගනු ලැබිය.

ආරංචි රාළ දන්නා ඉතිහාසයට අනුව 1948 මෙරට පාලනය කළ පාරම්පරික ධනපති පවුල් දේශපාලනය සහ මැතිවරණ තුලින් රටේ බලය අත්පත් කරගැනීම පිලිබදව විස්වාසයක් නොතිබුණු උගත් තරුණ තරුණියන් කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ගන්නේ 1964 කාලයේදීය. ඒ වනවිට  බණ්ඩාරනායක පාලනය ගිලීගි ගොස් සේනානායකලා මෙරට පාලනය කරමින් සිටියහ. කැරැල්ල සිදුවන අවස්ථාවේ බලයේ සිටින්නේ බණ්ඩාරනායකලාම නොවේ. 1970  ආණ්ඩුව පිහිටුවන්නේ කාලයක් තිස්සේ මෙරට පැවති අධිරාජ්‍යවාදී ක්‍රමවේදයන්ට එරෙහිව ජනතාවාදී දේශපාලනයක නිරතවු ආචාර්ය ඇන් .එම්.පෙරේරා කොල්වින් ආර්ද සිල්වා, දොස්තර වික්‍රමසිංහ, වාසුදේව නානායක්කාර, සරත් මුත්තෙට්ටුවේගම, ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන වැනි ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව  පිහිටුවා ගෙන තිබු කිසියම් වාම නැඹුරුවකින් යුත් සමගි පෙරමුණයි.

රට තුල පැවති ආරථික,දේශපාලන සහ සමාජ විෂමතාවයන්ට සාධනීය පිළිතුරු සමගි පෙරමුණ ආණ්ඩුවට තිබුණි. කැරැල්ල ක්‍රියාත්මක වන්නේ සමගි පෙරමුණ ආණ්ඩුව පත්වී වසරකටත් වඩා අඩු කාලයකදී නිසා කැරැල්ලට ජනතාවගේ සහයෝගය ලැබුවේ නැත.

එසේම මෙවැනි ආයුධ සන්නද්ධ අරගල පිලිබදව ශ්‍රී ලංකාවේ  ජනතාවට අත්දැකීමක් තිබුනේද නැත. කියුබාවේ 1959 - 65 පැවති විප්ලවය පිලිබදවත් එයට සුවිශේෂී නායකත්වයක් දුන් අර්නෙස්ටෝ  චේ ගුවේරා නම ජනතාව අතර ජනප්‍රිය වී තිබු අතර ආණ්ඩුවට විරුද්ධව කැරැල්ල  මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණේ සාමජිකයින්ව ජනතාව හදුන්වුයේ  "චේ ගුවේරාකාරයෝ " ලෙසය.

කැරැල්ල පිළිබදවද සමාජයේ පුද්ගලයින් සහ කණ්ඩායම් අතර විවිධ අදහස් සහ මත පළ වන්නට විය. ඒ විවිධ මත පිළිබදව ආරංචි රාළ කිසිවක් කියන්නේ නැත. එහෙත් කාලයක් තිස්සේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් වලට අනුව පවත්වාගෙන ආ දේශපාලන ව්‍යුහයක් මෙරට බහුතර ජනතාවගේ යහපත වෙනුවෙන් වෙනස් කිරීම‍ට ඉදිරිපත්වූ සහ කැරැල්ලේදී තම ජීවිතය පිදු සහ සිරගතකරනු ලැබූ මේ තරුණ තරුණියන් ගැන ආරංචි රාළට ඇත්තේ  මහත් විශාල   වූ ගෞරවයකි . ඔවුන් අපගේ මාතෘ භුමියේ ඉපදුණු සැබෑ විරුවන් පිරිසකි.

ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ  ආයුධ සන්නද්ධ අරගල දෙකම 1971 සහ 1988/89 අවසන්වුයේ  අපගේ මාතෘ භූමියට අසීමිත ලෙස ආදරය කළ  දහස් සංඛාත තරුණ පිරිසක් අහිමි වීමෙනි. ආචාර්ය නන්දා මාලනී "පිළිම නෙලා නැති විරුවන් පිරිසක් " යයි ගයන්නේ ඔවුන් පිළිබදවය. ඔවුහු ජනතා වෙනුවෙන් මේ රට තුළ සැබෑ වෙනසක් ඇතිකරන අරගලය අවසන් නොකළ අතර අද එය ජයග්‍රණය කර ඇත.

අප්‍රියෙල් කැරැල්ල සිදුවී ටික කාලයකට පසුව එක්තරා ජාතික පුවත් පතක් ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකු ලෙස කටයුතු කළ  ශ්‍රීමත් ජෝන් කොතලාවල සමග සම්මුඛ සාකච්චාවක් පවත්වා තිබුණි.

එහිදී මාධ්‍යවේදියා අප්‍රියෙල් කැරැල්ල ගැන කොතලාවල මහතා කුමක් සිතන්නේදැයි විමසුවේය. ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ ප්‍රකාශයෙන් ආරංචි රාළ මෙම සටහන අවසන් කරයි.

"මම දැනගෙන හිටියානම් අපේ රටේ මේවගේ නිර්භීත කොල්ලෝ කෙල්ලෝ ඉන්නවයි කියලා මම උන්ව එකතු කරගෙන ඉන්දියාවත් එක්ක යුද්ධ කරලා තමිල්නාඩුව අල්ලා ගන්නවා".

71 කැරැල්ලේ විරුවරන් සදා සමරමු!

ආරංචි රාළ . 2025 .04. 06 -  78 වන දිගහැරුම

 

 

Comments

Popular posts from this blog