
ඉතා සෙමින් සහ පරිස්සමෙන් වචන හසුරුවන නමුත් තමා ප්‍රකාශ කරන සෑම වචනයකටම අර්ථයක් දෙන්නට උත්සාහ කළ සමන් හමන්ගොඩ. රාජ්‍ය නොවන සංවිධානය වල කාර්යභාරය ඉතා නිවැරදි ලෙස හඳුනාගත් ප්‍රජා සංවර්ධන උපදේශකවරයෙකු ලෙස ආරංචි රාළ සමන් හමන්ගොඩ හඳුන්වයි කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිය ලබාගෙන 1984 වන විට ඉන් පිටවන සමන් හමන්ගොඩ තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන( NGOs) වල සේවය කිරීම සඳහාය. සරසවි ශිෂ්‍ය දේශපාලනය තුළ ඉදිරිපෙළ සිට නායකත්වය නොදැරුවත් එවකට පැවැති ජේ.ආර්. ජයවර්ධනලාගේ යූඑන්පී සිසු මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලදී ඒවා නිසි පරිදි සැලසුම් කිරීම සඳහා ඔහු තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නේය. ඉතා සෙමින් සහ පරිස්සමෙන් වචන හසුරුවන සමන් තමා ප්‍රකාශ කරන සෑම වචනයකටම අර්ථයක් දෙන්නට උත්සාහ කළ කෙනෙකි. ඔහුට මේ රට පිළිබඳව පැහැදිලි දැක්මක් තිබුණි. ඒ සඳහා විවිධ කණ්ඩායම් එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් වල නිරතව සිටින විට තමාගේ සමාජ මෙහෙවර ඉටු කිරීම සඳහා ඔහු තෝරා ගත්තේ රාජ්‍යය නොවන සංවිධාන ක්ෂේත්‍රයයි. මුල් කාලයේදී බිම මට්ටමේ ක...