
අහෝ යුක්රේනය ! සෙලෙන්ස්කිගේ නේටෝ දීගය; යුක්‍රේනය මල සොහොනක් කළ අරුමය ! 2014 වසරට පෙර සාමකාමීව,ආර්ථික වශයෙන් දීප්තිමත් අනාගතයක් තිබූ යුක්‍රේනය දුර්ලභ ඛණිජ සම්පත් තිබූ රටක් .එහි මිලියන 45 ක් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා. 2014 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි රජයට එරෙහිව යුක්‍රේන ජනතාව විසින් සිදු කරන බව පෙන්වූ එහෙත් ඇමෙරිකාව සහ යුරෝපය මෙහෙයවූ කැරැල්ලක්/විප්ලවයක් ආරම්භ වෙනවා. මයිදාන් අරගලය නමින් ඉතිහාසයේ ලියැවුණේ ඒ විප්ලවය . යුක්‍රේනයේ ආණ්ඩුව (රුසියානු හිතැති) පෙරලුනු අතර එහි ඇමෙරිකාවනු හිතවාදී පාලනයක් ඇති වුණා. 2022 දී ඇමෙරිකාව විසින්ම පත් කළ පාලකයා රුසියාව සමග යුද්ධයක පැටළුණා. ඒ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සමගයි. සැබැවින්ම එය යුක්‍රේනය ලවා ඇමෙරිකාව රුසියාව සමග ඇතිකරවනු ලැබූ ගැටුමක්. තමන්ගේ දේශ සීමාවටම ප්‍රතිවාදී නේටෝ කඳවුරු පැමිණීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එය අතිශය සාධාරණයි. එම නිසා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනවා. එහෙත්, යුද්ධයේ පළමු සතියේදීම ...